අවුරුද්දකට දවසක්
රූප පෙට්ටියේ
බඩු විකුණන්න නොවෙයි…
එන්න
හැමදාම අපි එක්ක නවතින්න…
කියාදෙන්න අපිට
ආදරය කරන හැටි…
සීයලාට කියාදෙන්න
මිණිපිරියන්ට ආදරය කරන්න…
මුල්ගුරුතුමන්ලාට කියාදෙන්න
සිසුවියන්ට ආදරය කරන්න…
තට්ටෙ ගාන පූජකයන්ට කියාදෙන්න
ආදරය කරන හැටි
තොප්පි දාන සහෝදරයන්ට….
ආරක්ෂක ලොක්කන්ට කියාදෙන්න
හිරකරුවන්ට, හිඟන්නන්ටත්
ආදරය කල යුතු බව….
දේශපාලකයන්ට කියාදෙන්න
ජනතාවට ආදරය කරන්න….
ආඩම්බර තාත්තලාට, බාප්පලාට
කියාදෙන්න
රටට ආදරය කරන හැටි….
වැලන්ටයින් එන්න
හැමදාම අපි එක්ක නවතින්න…
කියාදෙන්න අපිට
ආදරය කරන හැටි….