සරෝජා මිය ගිහින්
කඳුලු නෑ තවත්
හංගන්න….
යාළුවන් කඳවුරේ
හිනා වෙනවා
පත්තර කැමරා වලට…
මායිමක් නෑ දැන්
කටුකම්බි වැටට එපිටින්..
තාත්තලා, බාප්පලා, අයියලා
අත වනනවා හැම තැනම…
කඳුලු වැගිරූ අයම
ජයපැන් පානයේ
මහා මන්දිර වල
අවි දරනවුන් සමඟ…
සරෝජා මිය ගිහින්
කඳුලු නෑ තවත්
හංගන්න….
යාළුවන් කඳවුරේ
හිනා වෙනවා
පත්තර කැමරා වලට…
මායිමක් නෑ දැන්
කටුකම්බි වැටට එපිටින්..
තාත්තලා, බාප්පලා, අයියලා
අත වනනවා හැම තැනම…
කඳුලු වැගිරූ අයම
ජයපැන් පානයේ
මහා මන්දිර වල
අවි දරනවුන් සමඟ…